Showing posts with label බඹරු. Show all posts
Showing posts with label බඹරු. Show all posts

Tuesday, July 10, 2012

සීගිරියෙන් බඹරු පන්නා දැමිය හැකිද?



බොහෝ ඉස්‌සර කාලයේ දී සීගිරිය අවට ප්‍රදේශවල විසුවේ ආදී මානවයින්ය. ඒ බව පුරා විද්‍යාඥයන් විසින් කරන ලද කැණීම් පර්යේෂණවලින් හෙළි වි ඇත. සීගිරිය අසල පොතාන ගල් ලෙනෙහි කරන ලද පර්යේෂණ වලින් වසර 10000 කට පමණ එපිට ජීවත් වූ මානවයන් පිළිබඳව සාදක සොයා ගන්නා ලදී.
ආදි මානවයන්ට සීගිරිය ගල් පර්වතය ඉතාම වටිනා ස්‌ථානයක්‌ වන්නට ඇත. ඔවුන් සීගිරිය ගල මතට නැග අවට සිරි නරඔන්නට ඇත. ඊට අමතරව වෙනත් ප්‍රදේශවල සිටි ඔවුන්ගේ පරම්පරාවේ කණ්‌ඩායම් සමග පණිවිඩ හුවමාරු කරගන්නත් ඇත. සතුන්aගේ චර්යා රටාවන් සහ සතුන් ගමන් කරන මං මාවත් පිළිබඳවත් සොයා බලන්නට ඇත. ඊට අමතරව බඹර පැනි ලබා ගැනීම සදහා සීගිරි ගලේ තිබූ බඹර කපා ගන්නටත් ඇත.
සීගිsරිය අසල තිබෙන පිදුරංගල ගල මතට අද ද පහසුවෙන් ගමන් කළ හැකිය. අතීතයේදී සීගිරිය ගල මතට ද එසේ ගමන් කළ හැකිව තිබුණා විය හැකිය. එසේ පහසුවෙන් ගමන් කළ නොහැකි වූ වා නම් අපහසුවෙන් හෝ සීගිරිය ගල මතට නගින්නට ආදි මානවයන් පසුබට වන්නේද නැත.
කෘමි සතුන් පරිණාමය වූයේ මිනිසාටත් කලින් ය. බඹරුන් කෘමි සතුන්ය. බඹරුන් පදිංචිය සඳහා තෝරා ගන්නේ නොතෙමෙන උස්‌ තැන්ය. ගල් පර්වත යට නොතෙමෙන තැන් ඇත. සීගිරිය ගලේ ඊසාන දෙසින් සිංහ පාදයට ඉහළිsන් ඇති තිරස්‌ ගලේද එවැනි නොතෙමෙන තැන් ඇත. මෙහි බඹර වද 20 ක්‌ පමණ දැකිය හැකිය. බඹරුන් එම ස්‌ථානය තෝරා ගත්තේ විශේෂ හේතු නිසා විය හැකිය. අපට දැනෙන ආකාරයට එම හේතු වැස්‌සෙන් ආරක්‌ෂා වීම විය හැකිය. අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය.
මෙම බඹර වද බොහෝ ඈත අතීතයේ පටන්ම තිබෙන්නට ඇත. එසේ උපකල්පනය කළ හැක්‌කේ සතුන්ගේ චර්යා රටාවන් කාලයෙන් කාලයට වෙනස්‌ නොවන නිසාය. උදාහරණයක්‌ ගෙන මෙය පැහැදිලි කළ හැකිය. අලින් ගමන් කරන මං මාවත් ඇත. කුමන ආකාරයේ සංවර්ධන වැඩසටහන් දියත් කළද අලින් ගමන් කරන්නේ උන්ගේ සංචාරක මංමාවත් හරහා පමණි. මේ ආකාරයට සියලුම සතුන් ඔවුනට ආවේණික වූ මංමාවත් හරහාම පමණක්‌ ගමන් කරයි. සතුන්ගේ සංචරන මංමාවත් නිර්මාණය වන්නේ ආහාර සහ ජලය නමැති අත්‍යවශ්‍ය සම්පත් ලබා ගැනීම අරමුණු කරගෙනය. මී මැස්‌සන් සහ බඹරුන් හටද සංචරන මාවත් ඇත. එම සංචරන මාවත්වල මාර්ගය තීරණය වන්නේ මල් පිපෙන කාලය සහ ප්‍රදේශ මතය.
සොබාදහම තුළ සිදුවන ක්‍රිsයාවන්වලට රටාවක්‌ ඇත. ඒවා තීරණය කරන්නේ පෘථිවියේ පරිභ්‍රමනය මතය. මෝසම් සුළං මගින් වැසි ලැබෙන්නේ එක්‌තරා රටාවකටය. සංචාරක කර්මාන්තය දියුණු කිරීsම සඳහා හෝ ගොවිතැන දියුණු කිරීම පිණිස ඊසාන දිගින් හමන මෝසම් සුළංවල කාලය අපට ඕනෑ විදිහට වෙනස්‌ කළ නොහැකිය. සංචාරක කර්මාන්තය දියුණුq කිරිම පිනිස අලින්ගේ ගහනය අපට ඕනෑ විදිහට වෙනස්‌ කිරීමටද නොහැකිය. සංචාරක කර්මාන්තය නිසා ලැබෙන ආර්ථික වාසි වැඩි කර ගැනීම පිණිස සීගිරියෙන් බඹරුන් පන්නා දැමීමද කළ නොහැකිය.
මෝසම් සුලංවල කාලය හෝ අලින්ගේ ගහනය හෝ සීගිරියේ බඹරුන්ගේ පැමිණීම තීරණය කිරීමට මිනිසාට හැකියාවක්‌ නැත. සොබාදහමේ ක්‍රිsයාවන් පාලනය කිරීමට හැකියාවක්‌ මිනිසාට නැති බව අවධාරණය කළ යුතුව ඇත. සොබාදහමේ ක්‍රිsයාවන් සහ රටාවන් වෙනස්‌ කිරීමට උත්සාහ කිරීමේදී සිදුවන්නේ අප නොසිතූ විරූ දේවල් සිදුවීමය. අලි මිනිස්‌ ගැටුම හොඳම උදාහරණය වේ.
මිනිසාට නොපෙනෙන සම්බන්ධතාවයන් බොහොමයක්‌ සොබාදහම තුළ ඇත. බඹරුන් සහ කුඹලුන් අතරද එවැනි සම්බන්ධතාවක්‌ ඇත. කුඹලුන්ගේ ගහනය පාලනය කිරීමේ හැකියාවක්‌ බඹරුන්ට ඇත. බඹරුන් ඉවත් කළ හොත් කුඹලුන්ගේ ගහනය වැඩි වීම මෙම සම්බන්ධයේ ප්‍රතිඵලයයි. කුඹලුන් ගෙවල් හදා ගන්නේ මැටි වලිනි. ඉතා සිනිදු පස්‌ කුඹල් කෙල සමග මිශ්‍ර කරන කුඹලා මැටි බෝල සාදා තම ගෙය හදාගනී. මෙම සිද්ධාන්තය අනුව සීගිරියේ බඹරුන් ඉවත් කළ හොත් දැනට එහි සිටින කුඹලුන්ගේ ගහනය වැඩි වෙයි. ඒ සමගම ගෙවල් සාදා ගැනීම සඳහා සිනිදු පස්‌ සහිත සියලුම ස්‌ථාන පාවිච්චි කිරීමට කුඹලුන් පෙළඹෙනු ඇත. කැටපත් පවුර වඩාත්ම සුදුසු ස්‌ථානය බවට පත් වේවි. එහි ඇත්තේ ඉතා සිනිදු පස්‌ අංශු සහ හොඳින් ඇඹරූ වී පොතුය. පෙර වසරක සිදුවූ ආකාරයටම සීගිරි බිතුසිතුවම් සහිත කැටපත් පවුරේ ඇති බදාමයෙන් කුඹලුන් මැටි රුගෙන යාවි. කාලයත් සමග කැටපත් පවුරේ ඇති බදාමය කුඹල් ගෙවල්වල බිත්ති බවට පත් වේවි. අවසානයේදී සංචාරකයන්ට බැලීමට ඉතිරි වන්නේ සීගිරි සිතුවම් සහ කැටපත් පවුරක්‌ නොමැති සීගිරිය ගල් පර්වතය පමණි.
බඹරුන් පන්නා දැමීමේ අනෙක්‌ අලාභය මීටත් වඩා භයානකය. එය මෙසේ පැහැදිලිs කල හැකිය. බඹරුන් ආහාරයට ගන්නේ මල් පැනි සහ මල් රේණුය. බඹරුන් මලින් මලට ඉගිල ගොසින් පැනි සහ රොන් ලබා ගන්නා විට පරාගනය නමැති ක්‍රියාව ඉබේම සිදුවෙයි. ගස්‌වල ගෙඩි හට ගන්නේ පරාගනය සිදුවන නිසාය. පරාගනය සිදුවන්නේ සුළඟ සහ සතුන් මගිනි. සුළඟ මගින් පරාගනය සිදු වන්නේ පරිණාමයෙන් පහත් තෘණ වැනි ශාක වලය. පරිණාමයෙන් උසස්‌ ශාක ලෙස හඳුන්වන එළවළු සහ පලතුරු ශාකවල පරාගනය සිදුවන්නේ මී මැස්‌සන් බඹරුන් සමනලයින් සහ වවුලන් අතිනි. පරාගනයට උපකාරි වන සතුන් අතරින් වඩා වැදගත් තැනක්‌ හිමි වන්නේ බඹරුන් හටය. සීගිරියේ බඹර වද 20ක්‌ පමණ ඇත. මෙම වද 20 හි බඹරුන් ලක්‌ෂ ගණනක්‌ ජීවත් වෙති. බඹරුන් පන්නා දැමීමෙන් පසු ඔවුන් අතින් සිදුවූ පරාගන ක්‍රියාව නැවතී ගෙඩි හට ගැනීමේ ක්‍රියාවද නවතින්නේය. එවිට එළවළු සහ පලතුරුවල අස්‌වැන්න ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බසින්නේය.
එබැවින් දැනට ලැබෙන ප්‍රතිලාභවලින් සතුටු වී බඹරුන් සහ සංචාරකයින් අතර ගැටුම් ඇතිවන කාලය පිළිබඳව අවධානය යොමු කොට එම කාලය තුළදී සංචාරකයන් සඳහා සීගීරිය වසා තැබීම බඹරුන් ඉවත් කිරීsමට වඩා ක්‍රියාවක්‌ බව අවධාරණය කළ යුතු වන්නේය. එසේ කිරීමෙන් සීගිරියේ ඇති කැටපත් පවුරත් සීගිරි චිත්‍රත් සංචාරක කර්මාන්තයත් කෘෂිකර්මාන්තයත් වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ සීගිරියේ තිබූ අභිමානයත් රැක ගත හැකි වන්නේය.

ආචාර්ය වසන්ත වැලිඅංග

http://www.divaina.com/2012/07/10/feature06.html

Sunday, July 11, 2010

සීගිරියේ බඹර සංහාරය.

ලෝක උරුමයක් වූ සීගිරිය පුරාවිද්‍ය රක්ෂිතයක් මෙන්ම අභයභූමියක්ද වේ. අභයභූමියක කුමන ආකාරයකින් හෝ සත්ව ඝාතනයක් සිදු කිරීම නීතිවිරෝධී වන අතර එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. සීගිරි අභය භූමිය තුල නොයෙකුත් විශේෂයන්ට අයත් සතුන් තම නිවහන කර වාසය කරති. අවුරුදු දහස් ගණනක් තිස්සේ සීගිරි පර්වතය තම නිවහන කර වාසය කරන එක් විශේෂිත සත්ව විශේෂයක් වන්නේ බඹරුන්ය.

නමුත් පසුගිය දා බලධාරීන්ගේ අත්තනෝමතික මෙන්ම නීතිවිරෝධි තීරණයක් හෙතුවෙන් මෙම බඹරුන්ට සිදුවුයේ රුදුරු ගිනි දලු හමුවේ පිලිස්සී මිය යාමටය. මෙම ජෛව සංහාරයට ආසන්නම හේතුව වනුයේ, සීගිරියට පැමිණි සංචාරකයන් බඹර ප්‍රහාර වලට ලක්වීමය. බඹර ප්‍රහාරයක් සාමාන්‍යයෙන් සිදුවන්නේ යම්කිසි කැලඹීමක් ඇතිවූ අවස්තාවන් හිදී ය. බොහෝ අවස්තාවන්හීදී සිදුවන්නේ සංචාරකයන්ගේ හැසීරීම් රටාව හේතුවෙන් බඹර ප්‍රහාර වලට ලක්වීමය. මෙයට විසදුමක් ලෙස බලධාරීන් කරනු ලැබුයේ ලක්ෂ ගණනක් වූ බඹරුන් ඔවුන්ගේ කූඩුත් සමග ගිනි තැබීමය.


බමර වද ගිනි තැබීම පිණිස සාදා ඇති අට්ටාල


පිලිස්සීගිය බඹරුන් සහ බඹර වද (ඡායාරූප - www.nation.lk)


මෙහි ඇති හාත්ස්‍යජනක සිදුවීම වනුයේ, බලධාරීන් තම නිරුවත වසා ගැනීමට මාධ්‍යයන්ට සිදුකල ප්‍රකාශයි. බලධාරීන් මාධ්‍යයන්ට පවසා සිටියේ දේශීය තෙල්වර්ග භාවිතයෙන් බඹරුන් එලවූ බවකි.


ව්‍යජ මාධ්‍ය ප්‍රකාශ


බඹරුන් නැති සීගිරියට දැන් විශාලතම තර්ජනය එල්ල වී ඇත්තේ කෘමීන් විශේෂයකිනි. වසර දහස් ගණනක් සීගිරි පර්වතයේ ජීවත් වූ බඹරුන්ගේ වද එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සීගිරිය හා ඒ අවට පරිසර පද්ධතියේ තුල්‍යතාව බිඳී යාම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පරිසර වේදීහු පෙන්වා දෙති. ලක්ෂ ගණනක් හූ බඹරුන් ඉවත් කිරීමෙන් බඹරුන් නිසා පාලනය වී සිටි වෙනත් ජීවී විශේෂයකට තම ආහාර, වාසස්ථාන ලැබීමත් සතුරා නොමැති වීමත් හේතුවෙන් ගහණ ඝනත්වය වැඩිවීය සිදුවිය හැකි බව ද ඔවුහු කියති.

කෟමීන් නිසා සීගිරි චිත්‍ර වලට සිදුවී ඇති හානිය

"චිත‍්‍ර ඇඳ තිබෙන බදාමයට හානි සිදු කරන්නේ කුඹල් විශේෂයක්. ඔවුන් එතැනින් මැටි රැගෙන තම ජනපද සාදන බව පෙනෙන්නට තිබෙනවා. වහාම මේ කෘමියා මර්දනය කොට චිත‍්‍ර බේරාගැනීමට කටයුතු කළ යුතුයි. මීට ඉහත අවස්ථාවලදීත් මෙවැනි කුඹලූන්ගෙන් හානි සිදුවුණා. ප‍්‍රථම වතාවට සීගිරි චිත‍්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දක්නට ලැබී තිබෙනවා." මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යා පර්යේෂක මෙන්ම සත්ත්ව විද්‍යා ගවේෂකයකු ද වන වසන්ත වැලිඅංග මහතා පැවසීය.

නමුත් අපට දැනගන්න ලැබී ඇති අලුත්ම තොරතුරු අනුව සීගිරියෙන් පුලුස්සා පිටමන් කල බඹරුන් නැවත පැමිණ ඇති බවකි. අප පෞද්ගලිකව ගොස් මෙය තහවුරු කරගත් අතර, පෙරට වඩා වැඩි සංඛ්‍යාවකින් වද බද තිබේ.


නැවත පැමිණි බඹරුන්