ලෝක උරුමයක් වූ සීගිරිය පුරාවිද්‍ය රක්ෂිතයක් මෙන්ම අභයභූමියක්ද වේ. අභයභූමියක කුමන ආකාරයකින් හෝ සත්ව ඝාතනයක් සිදු කිරීම නීතිවිරෝධී වන අතර එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. සීගිරි අභය භූමිය තුල නොයෙකුත් විශේෂයන්ට අයත් සතුන් තම නිවහන කර වාසය කරති. අවුරුදු දහස් ගණනක් තිස්සේ සීගිරි පර්වතය තම නිවහන කර වාසය කරන එක් විශේෂිත සත්ව විශේෂයක් වන්නේ බඹරුන්ය.
නමුත් පසුගිය දා බලධාරීන්ගේ අත්තනෝමතික මෙන්ම නීතිවිරෝධි තීරණයක් හෙතුවෙන් මෙම බඹරුන්ට සිදුවුයේ රුදුරු ගිනි දලු හමුවේ පිලිස්සී මිය යාමටය. මෙම ජෛව සංහාරයට ආසන්නම හේතුව වනුයේ, සීගිරියට පැමිණි සංචාරකයන් බඹර ප්‍රහාර වලට ලක්වීමය. බඹර ප්‍රහාරයක් සාමාන්‍යයෙන් සිදුවන්නේ යම්කිසි කැලඹීමක් ඇතිවූ අවස්තාවන් හිදී ය. බොහෝ අවස්තාවන්හීදී සිදුවන්නේ සංචාරකයන්ගේ හැසීරීම් රටාව හේතුවෙන් බඹර ප්‍රහාර වලට ලක්වීමය. මෙයට විසදුමක් ලෙස බලධාරීන් කරනු ලැබුයේ ලක්ෂ ගණනක් වූ බඹරුන් ඔවුන්ගේ කූඩුත් සමග ගිනි තැබීමය.
මෙහි ඇති හාත්ස්‍යජනක සිදුවීම වනුයේ, බලධාරීන් තම නිරුවත වසා ගැනීමට මාධ්‍යයන්ට සිදුකල ප්‍රකාශයි. බලධාරීන් මාධ්‍යයන්ට පවසා සිටියේ දේශීය තෙල්වර්ග භාවිතයෙන් බඹරුන් එලවූ බවකි.
බඹරුන් නැති සීගිරියට දැන් විශාලතම තර්ජනය එල්ල වී ඇත්තේ කෘමීන් විශේෂයකිනි. වසර දහස් ගණනක් සීගිරි පර්වතයේ ජීවත් වූ බඹරුන්ගේ වද එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සීගිරිය හා ඒ අවට පරිසර පද්ධතියේ තුල්‍යතාව බිඳී යාම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පරිසර වේදීහු පෙන්වා දෙති. ලක්ෂ ගණනක් හූ බඹරුන් ඉවත් කිරීමෙන් බඹරුන් නිසා පාලනය වී සිටි වෙනත් ජීවී විශේෂයකට තම ආහාර, වාසස්ථාන ලැබීමත් සතුරා නොමැති වීමත් හේතුවෙන් ගහණ ඝනත්වය වැඩිවීය සිදුවිය හැකි බව ද ඔවුහු කියති.
"චිත්ර ඇඳ තිබෙන බදාමයට හානි සිදු කරන්නේ කුඹල් විශේෂයක්. ඔවුන් එතැනින් මැටි රැගෙන තම ජනපද සාදන බව පෙනෙන්නට තිබෙනවා. වහාම මේ කෘමියා මර්දනය කොට චිත‍්‍ර බේරාගැනීමට කටයුතු කළ යුතුයි. මීට ඉහත අවස්ථාවලදීත් මෙවැනි කුඹලූන්ගෙන් හානි සිදුවුණා. ප‍්‍රථම වතාවට සීගිරි චිත‍්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දක්නට ලැබී තිබෙනවා." මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යා පර්යේෂක මෙන්ම සත්ත්ව විද්‍යා ගවේෂකයකු ද වන වසන්ත වැලිඅංග මහතා පැවසීය.
නමුත් අපට දැනගන්න ලැබී ඇති අලුත්ම තොරතුරු අනුව සීගිරියෙන් පුලුස්සා පිටමන් කල බඹරුන් නැවත පැමිණ ඇති බවකි. අප පෞද්ගලිකව ගොස් මෙය තහවුරු කරගත් අතර, පෙරට වඩා වැඩි සංඛ්‍යාවකින් වද බද තිබේ.