සීගිරියේ ඉතිහාසය

ලොව අටවන පුදුමය ලෙසද, ජාතික මෙන්ම ලෝක උරුමයක්ද වන සීගිරියේ ඉතිහාසය අප දන්නා කසුප් රජුන්ගෙන්ද බොහෝ ඈතට දිව යන්නේ හෙළයන්ගේ සම්භවය වසර 2500 කට වඩා අතිශය පැරණි බවට ජීවමාන සාක්ෂ්‍යයක් වෙමිනි. වසර 2500 යකට පෙර හෙළ දිව සිටි රජෙකු ගැන සිතූ පමණින් අප මතකයට එන ඒ මහා සක්විති දසිස් මහා රාවන රජුගේ වැඩිමහල් සොයුරු කුවේරගේ ආලකමණ්දාව ලෙසද, එයිනුත් ඔබ්බට යන කල තාරක මහසෙන් ( කතරගම දෙවියන් ) යුධ සමයේද , ඊටත් පෙරද , සීගිරිය රාජධානියක්ව පැවතිනි.

පසුකාලීනව ගරාවැටුනු සීගිරි රාජධානිය නැවත ගොඩනංවනු ලබන්නේ කසුප් රජු විසිනි. ඉන්පසු නැවතත් සීගිරි රාජධානියට කුඩම්මාගේ සැලකිලි පමණක් ලැබීමෙන් නැවත ගරා වැටීමට ලක්ව, අද අප දකින, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පාදාගන්නා ලද සීගිරිය බවට පත්ව තිබේ. දැනට පාදා ඇති සීගිරිය සැබැ සීගිරියෙන් 1/4 කටත් අඩු ප්‍රමාණයකි. අනෙක් වා වල් වැදී ඇත. සීගිරියේ මෙසේ පාදා නොගත් නැගෙනහිර කොටසේ පසුගියදා වැසිකිලි ඉදිකරන්නටද විය. සීගිරියට තවමත් කුඩම්මා ගේ සැලකිලිමය. මෙසේ නිතර කෙනෙහිලිකම් වලට ලක්වන සීගිරියට වචනයකින් හෝ කෘතගුණ දැක්වීමට හා සීහගිරි රාජ‍යාගේ ශ්‍රී විභූතිය පෙන්වා දීමට  ලිපි පෙලක් මගින් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.
එතෙක් මතුසම්බන්ධයි!