Thursday, July 17, 2014

සීගිරි අභය භූමියෙන් අක්කර 10,000ක් ඉවත් කෙරේ.. ඉතිරි 2,500යි..

අක්කර 12500න් ප‍්‍රමාණයක් වෙන්ව තිබූ සීගිරිය අභය භූමියෙන් අක්කර දහදහසක් ඉවත් කිරීමට ගෙනා ඇති තීරණයට පරිසරවේදීන් විරෝධය පල කරයි.

ගැපෙක් ශ‍්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂක ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ අභය භූමිය තුළ ඇති පාරම්පරික ගම්මානවල අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණ ඇතිව අක්කර 10,000ක කොටසක් අභය භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් අක්කර 12500න් දසදහසක් ඉවත් කිරීමෙන් ජෛව විවිධත්වයට සහ පාරම්පරික ගම්වාසීන්ගේ ජීවනෝපායන්ටද හානිකර තත්ත්වයක් උද්ගතවීමේ අවදානමක් ඇති බවත්ය.

සීගිරිය අභය භූමියේ වපසරිය අක්කර දෙදහස් පන්සියයක අවමයට ගැනීමෙන් මාතලේ අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස වන අලි කළමනාකරණය කිරීමේ පහසු ස්ථානයක් වී ඇති මෙම ප‍්‍රදේශයේ වන අලින්ගේ සංක‍්‍රමණයන් ඉහළ යාමේ අවදානමක්ද තිබෙන බව ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
සීගිරිය අභය භූමිය යාබදව ගිරිතලේ සහ වස්ගමුව රක්ෂිත වනාන්තර පිහිටා තිබීම නිසා වන අලි කළමනාකරණයේ පහසු හැකියාව සීගිරිය අභය භූමිය තුළදී කළ හැකිව තිබූ බවද ජයතිස්ස මහතා කියයි.

http://lankacnews.com/sinhala/news/119210/

No comments:

Post a Comment